id
related bits
0
processing priority
4
site type
3 (personal blog or private political site, e.g. Blogspot, Substack, also small blogs on own domains)
review version
11
html import
20 (imported)
first seen date
2025-03-15 07:43:36
expired found date
-
created at
2025-03-15 07:43:36
updated at
2026-03-03 22:40:45
length
24
crc
12093
tld
2211
nm parts
0
nm random digits
0
nm rare letters
0
is subdomain of id
13642151 (wordpress.com)
previous id
0
replaced with id
0
related id
-
dns primary id
0
dns alternative id
0
lifecycle status
0 (unclassified, or currently active)
deleted subdomains
0
page imported products
0
page imported random
0
page imported parking
0
count skipped due to recent timeouts on the same server IP
0
count content received but rejected due to 11-799
0
count dns errors
0
count cert errors
0
count timeouts
0
count http 429
0
count http 404
0
count http 403
0
count http 5xx
0
next operation date
-
server bits
—
server ip
-
mp import status
20
mp rejected date
-
mp saved date
-
mp size orig
71891
mp size raw text
2355
mp inner links count
31
mp inner links status
20 (imported)
title
නිවනේ නිවීම
description
පුජ්‍ය කටුකුරුන්දේ ඥාණ නන්ද ස්වාමින්වහන්සේ කල දේසනා 33 ක්
image
site name
නිවනේ නිවීම
author
updated
2026-02-23 20:36:33
raw text
නිවනේ නිවීම – පුජ්‍ය කටුකුරුන්දේ ඥාණ නන්ද ස්වාමින්වහන්සේ කල දේසනා 33 ක් නිවනේ නිවීම පුජ්‍ය කටුකුරුන්දේ ඥාණ නන්ද ස්වාමින්වහන්සේ කල දේසනා 33 ක් පැති පුවරුව නිවනේ නිවීම දේශණා Standard 2500 වසරකට වැඩි කලක් ත ථා ගත ශ්‍රී සද්ධර්මය රැකගෙන ආරක්ශාකරදුන්නේ සිංහළ සංඝයා වහන්සේය. ඒ උත්තම ක්‍රියාවම පමණක් ඒ ස්වාමින්වහන්සේලාගේ පුජනීයත්වයට හේතු වෙයි. අපේ සංඝයාවහන්සේ අතර ධර්මය රැක ගන්නවා මිස ධර්මයෙහි හැසිරෙන්නට ඇති කැමැත්ත අඩුවෙන්නට වුයේ අපේම අවාසනාවකටය. එනමුත් හෙළ සාසන අඹරෙහි දිලුන දීප්තිමත් තාරකාවෝ බොහොමයකි. අපවත්වී වදාළ අති පුජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමින්වහන්සේ මෑත අතීතයේ අපට සිටි මහාම සඟ රුවනකි. මේ අති පුජ්‍ය ස්වාමින්වහන්සේ ගෙන් ධර්මය සහ මාර්ගය හදාළ ස්වාමින් වහන්සේලා කිහිප නමක්ම අද ලංකාවේ බෞද්ධ ධර්මය රැකගෙන ශාසනය පෝෂණය කෙරෙත්. 1972 අවුරුද්දේ මීතිරිගල නිස්සරණ වනය සෙනසුනට ගොස් මහා ස්වාමින් වහන්සේගෙන් ශිෂ්‍යභාවය ලබාගත් පුජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමින්වහන්සේ එයින් එක් සංඝ රත්නයකි. ත්‍රිපිටකය ගැන ඥාණානන්ද ස්වාමින්වහන්සේගේ දැනුම සහ අවබෝධය හොඳින් වටහාගත් ලොකු ස්වාමින්වහ...
redirect type
0 (-)
block type
0 (no issues)
detected language
1 (English)
category id
Pozostałe (16)
index version
1
spam phrases
0
text nonlatin
1367
text cyrillic
0
text characters
1287
text words
696
text unique words
199
text lines
54
text sentences
17
text paragraphs
1
text words per sentence
40
text matched phrases
0
text matched dictionaries
0
links self subdomains
0
links other subdomains
0
links other domains
0
links spam adult
0
links spam random
0
links spam expired
0
links ext activities
0
links ext ecommerce
0
links ext finance
0
links ext crypto
0
links ext booking
0
links ext news
0
links ext leaks
0
links ext ugc
27 - s0.wp.com, wp.me, s1.wp.com, wordpress.com, nobledhamma.wordpress.com
links ext klim
0
links ext generic
0
dol status
0
dol updated
2026-02-23 20:36:33
rss status
32 (unknown)
rss found date
2025-03-15 07:43:37
rss size orig
7107
rss items
1
rss spam phrases
0
rss detected language
126 (language undetectable (empty document, too short, or engines disagree))
inbefore feed id
-
inbefore status
0 (new)
sitemap path
sitemap status
40 (completed successful import of reports.txt file to table in_pages)
sitemap review version
2
sitemap urls count
36
sitemap urls adult
0
sitemap filtered products
0
sitemap filtered videos
0
sitemap found date
2025-03-15 07:43:38
sitemap process date
2025-03-22 15:57:53
sitemap first import date
-
sitemap last import date
2025-06-27 21:14:04